හන්තාන දෙසින් එන
මුදු සීත සුලන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පහන ඔබේ සුරතින් දැල්වූ
මං බොහොම ප්රවේසම් කර ගන්නම්
සංසාර පුරුද්දටදෝ මන්දා
ගංඟාව ශෝකයෙන් වැළපෙනවා
මං තාමත් මහවැළි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා
තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා
- කරුණාරත්න දිවුල්ගනේ
මේ සිංදුව අහන වතාවක් පාසා කැම්පස් එක මතක් වෙනවා !
ReplyDelete