හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුළු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රෙමයේ සුවඳ නොවේ
කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
- නන්දා මාලනී
No comments:
Post a Comment