Tuesday, January 24, 2012

හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්

හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත්
සරසවියේ තුරු වදුල මිලින වී නෑ තවත්
ඒත් අද සොඳුරියේ
ඔබ කොහිද මා කොහිද

එදා අප පෙම් වදන් දෙඩූ ලිය මදුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ නිදාසිටි අවන්හල දෙසුම් හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා

මේ බිමේ සැඟව ඇති සිවු වසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කලත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා

-අමරසිරි පීරිස්

No comments:

Post a Comment