හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපයෙ
කුසුමක් වී ඉන්නම්//
තුන් මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
හිරිපොද වැස්සේ නැඟුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ
පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳ ගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ
- ඩබ්. ඩී. අමරදේව
No comments:
Post a Comment