Wednesday, January 25, 2012

හන්තාන දෙසින් එන

හන්තාන දෙසින් එන
මුදු සීත සුලන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පහන ඔබේ සුරතින් දැල්වූ
මං බොහොම ප්‍රවේසම් කර ගන්නම්

සංසාර පුරුද්දටදෝ මන්දා
ගංඟාව ශෝකයෙන් වැළපෙනවා
මං තාමත් මහවැළි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා

තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා

- කරුණාරත්න දිවුල්ගනේ

1 comment:

  1. මේ සිංදුව අහන වතාවක් පාසා කැම්පස් එක මතක් වෙනවා !

    ReplyDelete