Thursday, January 26, 2012

රොබරොසියා මල් යායට හැලිලා

රොබරොසියා මල් යායට හැලිලා
අප ආ පාරේ පාවඩ එලලා
මල් පාගා ගෙන යන්න හිතක් නෑ
සොඳුරු අතීතය අමතක කරලා

සරසවියට හෙට එන මිතුරන්නේ
වසන්තයට යලි මල් පූදින්නේ
අප හැම මේ බිම හැරදා යන්නේ
රොබරොසියා මල් නැහැ එය දන්නේ

ගිනියම් අවුවෙත් මල් පූදිනවා
සැනෙකින් සුලඟට අසු වෙනවා
පෙර පෙම් බැඳි අය අද ලඟ නෑ
සරසවියෙන් මා සමුගෙන යනවා

- ඉමාන් පෙරේරා

No comments:

Post a Comment