Wednesday, January 25, 2012

සරසවියෙදි හෙට විතරයි

සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ
කිමද කුමරි නෙත කඳුලැලි පුරවන්නේ

මොර සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනිවී දොඩමළු වූ හැටි පෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැළි දෑලේ සපු සෙවනේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපළු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු හීන පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුනු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ

- දයාරත්න රණතුංග

No comments:

Post a Comment